හදුනානොගත් ගව වෛරසයට ගොදුරු වූ ගවයින් 7500 ඉක්මවයි !  

Published in පුවත්
Saturday, 09 January 2021 09:32

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ආගන්තුක ගව වෛරස් රෝගය මේ වනවිට ගවයින් 7500 කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කැෆ්රි ෆොක්ස් නමැති මෙම වෛරසය සීග්‍රයෙන් පැතිරයන බවයි බලධාරීන් පවසන්නේ.

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩුගේ පවසන්නේ , පසුගිය වසරේ සැප්තැම්බර් මස තුළදී ප්‍රථම වරට මෙරටින් හඳුනාගත් එම වෛරසය රෝගය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට ව්‍යාප්තව ඇති බවයි. මෙහි රෝග ලක්ෂණ ලෙස ගවයින්ගේ ශරීරය පුරාම සමේ ගැටිති ඇතිවීම, සතුන් උදාසීනවීම, උණ ගතිය වගේම ඇස් හා නාසයෙන් ශ්‍රාවයක් පිටවීම වයිරසයට ගොදුරු වූ ගවයින්ගේ හැකිය.

එසේම මේ සතුන්ගේ කිරි නිෂ්පාදනය හා ප්‍රජනන හැකියාව දුර්වලවීම ද සිදුවන බවයි පරීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ. කෙසේ වෙතත් මේ පිළිබඳ සොයා බැලීමට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය විසින් 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙසයි.

පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us