කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාවගේ දුක අහන්න ! ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Published in පුවත්
Saturday, 09 January 2021 11:39

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකශ කළේ ''ගම සමග පිළිසදර '' වැඩසටහන ඔස්සේ බලංගොඩට ගිය අවස්ථාවේදීය.

75%ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටළු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව සිටින බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

එසේම අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ.

- පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us