පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට අමෙරිකාවෙන් නඩු !

Published in පුවත්
Saturday, 09 January 2021 11:50

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකානු අධිකරණයක් මගින් චෝදනා ගොණු කර තිබෙනවා.


මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාදු මොහොමඩ් යන පුද්ගලයින්ටයි මෙලෙස ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනු කර ඇත්තේ.

අයි.එස් මතවාදය ප්‍රචලිත කිරීම, පුහුණුව ලබාදීම, පුපුරණ ද්‍රව්‍ය නිපදවීම ඇතුලු චෝදනා ඔවුන්ට එල්ල වී ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තතුව නිවේදනය කළා.

කැලිෆෝනියා ප්‍රාන්ත නීති බලධාරියා වන නික් හැනා ප්‍රකාශ කර ඇත්තේ තම පුරවැසියන් ඉලක්ක කර ලෝකයේ ඕනෑම රටකදී එල්ල වන ප්‍රහාරයකට එරෙහිව කටයුතු කිරීමට අමෙරිකානු රජය සූදානම් බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන් නිසි නීති ක්‍රියාමාර්ග ගනු ඇතැයි තවදුරටත් අමෙරිකානු රජය විශ්වාසය පලකරන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය 268 දෙනා අතර අමෙරිකානුවන් 05 දෙනෙකු ද සිටියා.

 

-news24.lk

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us