පාර්ලිමේන්තුවේ’ අද ඇන්ටිජන් වෙනුවට හෙට PCR කිරීමට තීරණය කෙරේ

Published in පුවත්
Tuesday, 12 January 2021 10:03

දැනට උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට (13 වැනිදා) සහ අනිද්දා (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කැමැතිනම් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ පී.සී.ආර්. පරික්ෂණයට ලක්වන ලෙසට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉල්ලීමක් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කීවේය.පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අද (12 වැනිදා) සහ හෙට (13 වැනිදා) ඇන්ටිජන් පරික්ෂණයකට ලක් කිරීමට මින් පෙර තීරණය කළ නමුත් එම අදහස වෙනස් කළ බවද වේත්‍රධාරීවරයා පැවැසුවේය.

දැනට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති මන්ත්‍රීවරුන් සහ පසුගිය සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම්වරයාගේ සමීප ආශ්‍රිතයින් බවට කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු හඳුනාගෙන ඇත. එම නිසා කාර්ය මණ්ඩලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට තීරණය කර ඇතැයිද හෙතම ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.

මේ වන විට කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටි සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවද මහලේකම්වරයා කීවේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us