අලුත් බද්ධක්  

Published in පුවත්
Tuesday, 12 January 2021 10:19

2021 අයවැයේ යෝජනා කර ඇති නව බදු ක්‍රමය හඳුන්වා දෙන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාණ්ඩ හා සේවා බදු එකතු කිරීම නවතා දමා ඇති බැවින් රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයට ලක්ව ඇත.

මෙවර අයවැය යෝජනා යටතේ දැනට පවතින භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් යෝජනා කර තිබේ. මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම්, සූදු සහ මෝටර් රථ වෙනුවෙන් පනවා ඇති විවිධ බදු ඒකාබද්ධ කර තනි බද්දක් අයකිරීම මෙමගින් යෝජනා කර තිබේ.
දැනට බදුවලින් ලැබෙන ආදායමින් 50%ක් මෙම තනි බද්ද හරහා අයකර ගැනීමට නියමිතය.

2019 වර්ෂය අවසානයේ දී රජය හඳුන්වා දුන් බදු සහනවලට අදාළ සංශෝධන හේතුවෙන් පසුගිය වසරේ (2020) රුපියල් බිලියන 400කට ආසන්න බදු ආදායම් අහිමි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.

එසේම ආදායම් බදු අයකළ යුතු අගය ඉහළ නැන්වීම ඇතුළු තවත් සංශෝධන කිහිපයක් හේතුවෙන් පැවැති බදු ලිපිගොනු 25000ක් පමණ දෙපාර්තමේන්තුවට අහිමි වී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරන ආකාරයට නව බදු ක්‍රමය හඳුන්වා දීම එළැඹෙන මාර්තු මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

 

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us