මහා පරිමාණ ව්‍යාපෘතිවලට විදෙස් ණය නොගන්න රජය තීරණය කරයි

Published in පුවත්
Wednesday, 13 January 2021 12:47

මින් ඉදිරියට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශීය ණය ලබා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (12) ප්‍රකාශ කර තිබේ.

ඒ වෙනුවට පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාර ලෙස ව්‍යාපෘති කිරීමට සහ පෞද්ගලික අංශය මගින් ඉදිකර, අයිතිය තබාගෙන මෙහෙයුම පවත්වාගෙන ගොස් අවසානයේදී ආණ්ඩුවට භාර දෙන ක්‍රමවේදය යටතේ දැවැන්ත ව්‍යාපෘති කිරීමට තීරණය කළ බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙම වසරේ ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 6865 ක විදේශීය ණය හා පොලී එක් ඩොලරයක් හෝ අඩු නැතිව ගෙවා දමන ලෙසත් ,මෙම මුදලින් ඩොලර් මිලියන 5351 ක් ණය වාරික බවද , ඩොලර් මිලියන 1514 ක් ණය පොලී බවද අගමැති මහින්ද රාජපක්ෂ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇති බව අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

එසේම 2020 වසරේදීද ඩොලර් බිලියන 6.8 ක් විදේශීය ණය පොලී සමග ගෙවා දැමූ බවත් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us