පාස්කු නඩුවට මෛත්‍රී ඇතුළු පිරිසකට දින නියම වේ

Published in පුවත්
Friday, 15 January 2021 12:51

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුලු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇතුලු පිරිසකට එරෙහිවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තිබියදී එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පෙත්සම් ගොනු කර ඇත්තේ.

මෙම පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවා. අදාළ පෙත්සම් විභාගය මාර්තු අට, නවය සහ දහය යන දිනවල සිදු කිරීමටයි විනිසුරු මඩුල්ල එහිදී තීරණය කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර වි‌ජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදයකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බැවින් තමන් අධිකරණය හමුවේ කරුණු දක්වන බවයි. තම සේවාදයකයින් වෙනුවෙන් නීතිපතිවරයා මෙතෙක් විරෝධතා ගොනු කර නැති බැවින් ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ල‌ා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා පෙබරවාරි 8 වනදා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පැවසුවේ. එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරාවරි 15 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට‌ දැනුම් දුන්නා.

පෙත්සම්වලට‌ අදාල ලිඛිත දේශන ඇත්නම් ඒවා පෙබරවාරි මස 24 වනදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙසයි අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us