City Bus අධි සුඛෝපභෝගි බස් රථ සේවාව දැන් ක්‍රියාත්මකයි. Featured

Published in පුවත්
Friday, 15 January 2021 14:08

 දිනෙන් දින පෞද්ගලික වාහනවල ගමන්කිරීම සදහා වැඩිවන ඉල්ලුම අධෛර්යමත් කරමින් පොදු බස් සේවා සදහා මගීන් ආකර්ශනය කරගැනීම අරමුණු කරගනිමින් ක්‍රියත්මක "සිටි බස්" අධි සුඛෝපභෝගි බස් රථ සේවාවේ පළමු අදියර අද මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරිණි.

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වයි.

"අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වෙනවා. පාර්ක් ඇන්ඩ් රයිඩ් කියන සංකල්පය මත මෙම සේවාව ආරම්භ වෙන්නෙ. අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම තමයි ඉන් අපි බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා ස්ථානවලට ඔවුන්ව රැගෙන යෑම. සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්."

පාර්ක් ඇන්ඩ් රයිඩ් (Park and Ride – City Bus) කියන සංකල්පය අනුව මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ

+ උදෑසන සහ සවස් කාලයේ කාර්ය බහුල වේලාවන්වලදී ඇතිවන මාර්ග තදබදය අවම කිරීම.
+ ප්‍රවාහන සේවා සදහා යොදාගන්නා ඉන්ධන භාවිතය අඩුකිරීම තුලින් රටෙහි ඉන්ධන ආනයනය සදහා වන වියදම අඩුවීම .
+ වාහනව ලින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම.
+ මාර්ග අනතුරු අවම කිරීම.
+ මාර්ග භාවිතා කරන ජනතාවගේ මානසික ආතතිය අවමකිරීම සහ ගමනට ගතවන කාලය අඩුකිරීම තුලින් ශ්‍රම ඵලදායීතාවය ඉහලයෑම හේතුවෙන් රවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය + ඉහලයෑම සහ ඒතුලින් ජාතික ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් ඇතිවීම.

ආදී සමාජ හිතකාමී අරමුණු සාක්ෂාත් කරගැනීමය.

මාකුබුර හරහා කොළඹ නගරසීමාව තුල ඇති ගමනාන්වලට මෝටර් රථ සහ යතුරුපැදි වලින් ගමන්කරන ජනතාවට උදෑසන තමන්ගේ වාහනය මාකුඹුර බහුවිධ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයේ ආරක්ෂිතව නවතා තබා විශේෂයෙන් යොදවන ලද සුඛෝපභෝගී බස් රථවලට ගොඩවී තමන්ගේ ගමනාන්තයට යෑමට පහසුකම් සැලසා ඇත. එසේම සවස නැවතත් සුඛෝපහෝගී බස් රථයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන හුවමාරු ස්ථානයට පැමිණීමට අවස්ථාව උදාකරනු ලබයි..

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us