''ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා '' ජනපති කියයි.

Published in පුවත්
Friday, 15 January 2021 19:08

“නව සාමාන්‍යකරණය” (New Normal) යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වේගවත් සංවර්ධනයකට සහ කෙටි කලක් තුළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දැනටමත් සකසා අවසන් බවයි ජනාධිපතිතුමා කියා සිටීයේ.

මීගමුවේ පිහිටි කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ අද (15) පස්වරුවේ පැවති උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

21 වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව BCI උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කෙරිණ.

BCI ආයතනය මිනුවන්ගොඩ පාරේ බෝලවලානේ පිහිටි ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විදුහල් භූමියේ ස්ථාපනය කර තිබේ. පසුගිය වසර 06 තුළ සිසුන් 17,200කට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය පාඨමාලා හදාරා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් පිළිගනු ලබන උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත්වීමත් සමග ඉංග්‍රීසි මාධ්‍ය ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BSc.) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc.) Hons හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කර තිබේ .

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ තාක්ෂණික දැනුමෙන් සහ සාරධර්මවලින් පිරිපුන් හා නිවැරදි චින්තනයකින් සන්නද්ධ පරපුරක් අනාගතයට දායාද කරමින් BCI කැම්පස් අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

 

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us