ඊ.ටී.අයි.හිටපු අධ්‍යක්ෂවරුන් ඇප මත මුදාහැරේ  

Published in පුවත්
Friday, 15 January 2021 18:38

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

සැකකරුවන් සිවුදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කල බවත්, එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් ,ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග දුන් බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බව ද මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත ඇප කොන්දේසියක්ද පනවනු ලැබීය.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us