පැය 24 ක් තුළ කටුනායක මගී ගුවන් යානා 22 ක මෙහෙයුම්

Published in පුවත්
Saturday, 16 January 2021 11:51

අද (16) පෙරවරු 8.30 න් අවසන් වූ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පැය 24 ක් තුළ මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් සිදු කෙරුණා.

මෙම මෙහෙයුම් හරහා ගුවන් මගීන් 1115 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ .

මෙම පිරිස අතුරින් 607 දෙනෙකු ගුවන් යානා 10 කින් මෙරටට පැමිණ තිබෙනවා. විදදේශයන්හි රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකිකයන් මෙන්ම සූඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා රාජකාරී සදහා ගොස් සිටි යුද හමුදා සාමාජිකයන් පිරිසක් ද මෙම පිරිසට ඇතුළත්

මේ අතර අද දිනයේ විදෙස්ගත ශ්‍රමිකයන් තවත් 208 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළින් මෙරට‌ට පැමිණිමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

ඊයේ (15) දිනය තුළදී මෙරට සිදුකරන ලද පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 15146 ක්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us