කොටස් වෙළදපොළ අගය ඉතිහාසයේ ඉහළම තැනට

Published in පුවත්
Monday, 18 January 2021 16:02

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) දින වාර්තා කරනු ලැබීය.

මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09 ක ඉහළ යාමක් වේ.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 පෙබරවාරි 14 දින වාර්තා වූ අතර එම අගය ඒකක 7,811.80 කි.

අද දින රු. බිලියන 12.18 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා (රු. බි. 1.55), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු.බි. 1.35), LOLC හෝල්ඩිංග්ස් (රු.බි. 1.31) සමාගම්වලින් රුපියල් බිලියනය ඉක්මවූ කොටස් ගනුදෙනු වාර්තා වී තිබුණි.

මේ අතර අද දින කොටස් ගනුදෙනු 65,520 ක් වාර්තා වී තිබෙන අතර එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us