රනිල් පාර්ලිමේන්තු යා යුතුයි ! මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක්  

Published in පුවත්
Tuesday, 19 January 2021 11:13

රටේ ඇති වී තිබෙන වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා වහාම යෝජනා කරන්න ලෙස මහා සංඝ රත්නය ඉල්ලීමක් කර තිබෙන බව එක්සක් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඒ.ජා ප .සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (18)දින “දෙරණ 360“ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින්.

එම සංවාදයෙන් කොටසක්,

ප්‍රශ්නය - ඔබතුමා සතියකට කලින් කිව්වා මහා සංඝ රත්නය පවා ඉල්ලා සිටියයි කියලා, රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවට යවන්නයි කියලා. ඔබතුමාට උන්වහන්සේලාගේ නම් වශයෙන් කියන්න පුළුවන් ද ?

“ඇත්ත වශයෙන් මම කතා කරලා තියෙනවා මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් පටන් ගත්තාම සෑම භික්ෂූන්වහන්සේ නමක් සමග‍ ම. ආණ්ඩුව සමග ගණුදෙනු කරන භික්ෂූන්වහන්සේලා, අපි සමග ගණුදෙනු කරන භික්ෂූන්වහන්සේලා, ඒ දෙපාර්ශවයේම එකම මතයක් තියෙනවා. මේ රටේ ඇති වී ගෙන යන වර්තමාන ක්‍රියාකාරීත්වයත් එක්ක, අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වහාම යෝජනා කරන්න. ඒ ගැන පෙනී සිටින්න. අවශ්‍ය වූ මොහොතට ඒ සඳහා අපේ නිවේදනත් නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. “

ප්‍රශ්නය - ලැබුණ එක බෝනස් මන්ත්‍රීධුරය පුරවා ගන්න බැරි වුණානේ සභාපතිතුමා. ඇයි ඒ බැරි වුණේ ?

“ඇත්ත වශයෙන්ම බැරිවීම තියෙන්නේ මේකනේ, එක්සත් ජාතික පක්ෂයේ අපි සියලුදෙනාම එකතුවෙලා කල්පනා කරනවා දේශීයවත්, ජාත්‍යන්තරවත් සහ රටේ අනාගතය සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. එතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. එතුමා කියනවා බැහැ කියලා නොයෙක් අවස්ථාවලදී. නමුත් මම පක්ෂයේ කාරණා පිළිබඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් හැටියට, අපි සියලුදෙනාටත් පක්ෂ නායකතුමාටත් අපි යෝජනාකරලා තියෙනවා, අනිවාර්යෙන්ම එතුමා නියෝජනය කළයුතුයි කියලා. දැන්ම කරන්න බැරි නම් එක්සත් ජාතික පක්ෂයේ පොලිටිකල් ලයින් එක තමයි, පාර්ලිමේන්තුව නැති වුණාට එළියේ ඒ ක්‍රියාදාමය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නේ නව රඟහලේ. පාර්ලිමේන්තුවේ නොවේ. එතකොට ඒ වාගේ අපිට එළියේ දේශපාලන ලයින් එක තාවකාලිකව ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉන්න කිසිකෙනෙක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය භාරගනී කියලා. මොකද කවුරුවත් එක් භාර ගන්නේ නැහැ. අනිවාර්යෙන්ම රටේ කලබලයක් තිබුණාට. මාධ්‍ය මේ ගැන කලබලයක් තිබුණාට. අපිට එහෙම කලබලයක් නැහැ. අපි අවශ්‍ය වේලාවට රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය සඳහා පාර්ලිමේන්තු යවනවා.“ යනුවෙන් සදහන් කර තිබේ.

Last modified on Tuesday, 19 January 2021 12:01

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us