සේවකයන්ගේ අවම වේතනය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 19 January 2021 11:40

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේනවා.

ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අමතරව තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සංශෝධනය වන පනත් පහතින් දැක්වේ.

* ආගාමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම)

* 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත

* 2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත

* 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත

* දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us