කොළඹ 5 නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබේ

Published in පුවත්
Wednesday, 20 January 2021 16:41

කොළඹ පහ කැප්පෙටිපොළ මාවතේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.

මේ අතර යහපාලන සමයේ අතරමඟ නවතා දමා තිබූ කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස ඉදිකිරීමේ කටයුතු ද අද ආරම්භ වුණා.

1976 වසරේ සමුළු නිවාස හෙවත් සමිට් ෆ්ලැට්ස් ඉදිකෙරුණේ නොබැදි සමුළුවට පැමිණි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් උදෙසායි. පසුව මෙම නිවාස රජයේ නිලධාරීන්ට ලබා දෙනු ලැබුවා. අක්කර 12 ක භූමියක නිවාස ඒකක 175 ක් සහ බංගලා 15 ක් මෙහි පවතිනවා. කොළඹ නගරයේ අතිශය ඉහළ වටිනාකමකින් යුතු මෙම ඉඩම ඵලදායී කාර්යයක් සදහා යෙදවීම රජයේ අරමුණයි. ඒ අනුව අක්කර දෙකක නව නිවාස ඒකක 400 ක් ඉදිකොට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි. ඉතිරි අක්කර දහය වෙනත් ආර්ථික කටයුතු සහා භාවිත කිරිමයි අපේක්ෂාව. මීට අදාළ ගිවිසුමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂන්ද සිල්වා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් අත්සන් තැබුවා.

මේ අතර කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉතිරි නිවාස ඉදිකිරීමේ කටයුතු වසර දෙකකින් අවසන් කිරීමේ පදනම මත වෙනත් සමාගමකට පැවරීම අද සිදු කෙරුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ.

 

-ITN

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us