පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන් නිදහස් කරලා !

Published in පුවත්
Wednesday, 20 January 2021 23:02

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව අද(20) ප්‍රධාන පුවත්පත් මුල් පි‍ටු සැරසී ඇත. එක් පුවතකින් කියවුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක්ට අයත් තඹ කම්හලක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවය. තවත් පුවත්පතක් ඊයේ වාර්ථාකරන්නේ එම ප්‍රහාරයේ ප්‍රමුඛ සැකකරුවන් ගනනාවකගෙන් ප්‍රශ්න නොකරම එම කොමිසමේ කටයුතු අවසන් කර ඇති බවය. එම සිදුවීම වලට අදාල දිර්ග විස්තරන්ද මාධ්‍යයෙහි පළ කර ඇත.

මේ බැලු බැල්මටම පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දෙන බව කියමින් බලයට පැමිණි වත්මන් රජය එම පොරොන්දුව ඉ‍ටු නොකර මඟහරිමින් සිටින බවට පහසුවෙන්ම හැඟවෙන ප්‍රවෘත්ති දෙකකි.

එහෙත් මෙය ඇත්ත තත්වය නොවිය හැකිය.

දැනගැනීමට තිබෙන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන කටයුත් අවසන් කර එම වාර්ථාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. එම වර්ථාව අනුව චූදිතයන් 32 නෙකුට එරෙහිව නඩු පැවැරිය හැකි බවට එම විමර්ශන මඟින් පෙන්වා දී ඇති බවත් පැවැසේ. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන විසින් පත්කළ ජනාධිපති කොමිසන් සභාවේ වැඩකටයුතු අවසන් කෙරුණද එහි වාර්ථාව ජනවාරී 31 වන දින හෝ ආසන්න දිනක ජනාධිපතිවරයාට ලැබීමට නියමිතය. එසේම මේ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්ථාවක්ද තිබෙන අතර මේ සියල්ල සලකා බලා අදාල චූදිතයන්ට එරෙහිව නඩු පැවැරීමට අවශ්‍ය සියලු තත්වයන් නිර්මාණය වී තිබේ. තවත් අවශ්‍ය වන්නේ නිවැරදිව නඩුවක් ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්ථමේන්තුවට අවශ්‍ය කාලය පමණය.

යුක්තිය ඉ‍ටුවීම ප්‍රමාද වන විට ඒ ගැන සැක සංකා පහළවීම ස්වභාවිකය. එහෙත් යුක්තිය ඉ‍ටුවන තෙක් කාලයක් බලා සිටීමට සිදුවෙනු ඇත. මෙරට අපරාධ විමර්ශනය සඳහා යන කාලය, බාධක සහ නෛතිකම ක්‍රියාවලියන් සිදුවීම දීර්ගකාලීන කටයුත්තකි. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් විසැඳීම වෙනුවෙන් වසර හත අටක්වත් කාලය වැයවීම සාමාන්‍ය තත්වයකි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදීද ඔවුන්ගේ චෝදනාවට ලක්වූවන් සම්බන්ධයෙන් නඩු කටයුතු ප්‍රමාදවීමේ අර්බුදයකට මුහුණ පා සිටි බව පෙනෙන්ට තිබිණි. එම නිසා අපරාධ විමර්ශනය වෙනුවෙන්ම වෙනම ත්‍රිපුද්ගල අධිකරණයක් බිහිකිරීමට සිදු විය. එහෙත් එම කාලය තුල විසැඳු නඩුවක් නොවීය. තවමත් ඇතැම් නඩුවක් විභාග වෙමින් තිබෙන අතර නඩු පැවැරීමේ දෝෂ සහගත තවයන් නිසා එම නඩු විසි කිරීමද දකින්නට ලැබිණි.

පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන්ට නඩු ගොනු කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත. මෙහි සෘජුවම චෝද්නා එල්ල වන බොම්බකරුවන් සියලු දෙනාම පාහේ ජීවතුන් අතර නැත. ඔවුන් සමඟ වූ සම්බන්ධතා ඔස්සේ මෙම අපරාධට හවුල්වූවන් සොයා විශේෂ විමර්ශන ක්‍රියාත්මක වූ අතර ඒ අනුව විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීමද සිදු විය. එහෙත් ඉන් බොහෝ පිරිසක් සාක්ෂි නැති කමින් නිදහස් කිරීම ද කර තිබේ. ඇප පිට සිටින පිරිසක්ද තවමත් අත් අඩංගුවේ පිරිසක් සිටී. එහෙත් තවමත් මෙහි චූදිතයකු හෝ චූදිතයන් ගැන එක එල්ලේ සැක පහළ කළ හැකි නොවේ. දේශපාලකයන්ගේ සිට විවිධ පුද්ගලයන් ඉලක්ක කරගෙන සමාජය තුල චෝදනා එල්ල වෙමින් තිබුණද මේවා සක්ෂි සහිතව ඔප්පුවන තුරු ඒවා සත්‍ය චෝදනා ලෙස පිළිගත නොහැක. දේශපාලන හෝ ආගමික පක්ෂපාතකම් අනුව විරුද්ධවාදියා චූදිතයෙක් කර දඬුවම් පැමිණවීමට තිබෙන ආසාවන් අනුව මෙම නඩු විසැ‍ඳෙන්නේද නැත.

අද පුවත්පත් වල පලවූ පුවත් සම්බන්ධයෙන් පළවන ආණ්ඩුවට එරෙහි මත වල පදනම වන්නේ මේ දේශපාලනික සහ ආගමික වුවමණාවන්ය. මේ නිසා කලකිරුණු අය මෙන්ම පාස්කුඉරිදා ප්‍රහාරයකයන්ට දඬුවම් පමුණුවන්න වත්මන් ආණ්ඩුව බලයට පත් කළ පිරිස කෙරෙහි අනෙක් පාර්ශ්වයකින් එල්ලවන උසුළු විසුලු කිරීම වලට ලක්වූවන්ගේද අඩුවක් නැත. ඒ කෙසේ නමුත් දේශපාලනික පාක්ෂික භාවයන් අනුව අපරාධ නඩු විසැඳියය නොහැක. පසුගිය යහපාලන යුගයේදී එලෙස නඩු විසඳන්න ගත් උත්සාහයන්ද දැනගැනීමට තිබුණු අතර අවසානයේ රංජන් රාමනායක එහි අවාසනාවන්ත ගොදුරක් බවටද පත් වී දැන් සිරගතව සිටී.

කොහොම නමුත් රටේ නීතිය නියමාකාරයෙන් ඉ‍ටු වේ නම් යහපාලනයේ මෙන් අනවශ්‍ය දේශපාලන බලපෑමක් සිදු නොවේ නම් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන්ට ගැලවීමක් ලැබිය නොහැක. ඒ දෙස තවත් කෙටිකාලයක් අපේක්ෂා සහිතව බලා සිටීම පමණක් අප හමුවේ දැනට ඉතිරිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us