ෂැෂේ පැකට් තහනම අප්‍රේල් සිට  

Published in පුවත්
Thursday, 21 January 2021 10:11

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් (ෂැෂේ පැකට් ) තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ ගැසට් පත්‍රයට පරිසර ඇමැති මහින්ද අමරවීර අත්සන්කර ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව දියර ආදිය බහාලන ලද ෂැෂේ පැකට්, කොට්න් බඩ්, පෙට් බෝතල්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට් ආදිය නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය තහනම් කිරීමට නියමිතයි.

මෙම තහනම ක්‍රියාත්මක වන දිනේ සිට , එම නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

ෂැෂේ පැකට් ඇතුළු එක් වරක් භාවිතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර ඉකුත් වසරේදී (2020) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ඇමැති මණ්ඩලයේ තීරණය වූයේ අදාළ තහනමට පෙර නිෂ්පාදකයින් සඳහා සහන කාලයක් ලබාදිය යුතු බවය.

ඒ අනුව එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදකයින් සඳහා මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සහන කාලයක් ලබාදීමට රජය කටයුතු කර ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us