අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට අග්‍රාමාත්‍යවරයා එක් කළ සුබ පැතුම් පණිවුඩය !

Published in පුවත්
Thursday, 21 January 2021 09:34

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේනවා.

ජෝ බයිඩන්ගේ ධූර කාලය වෙනුවෙන් තමා සුබ පතන බවත් ,දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා එහි සදහන් කොට ඇත.

එම ට්විටර් සටහන මෙසේය ,

mahinda

මේ අතර ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීමට පෙර Youtube වෙත වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීමේ කතාව සිදු කර තිබේ.

“අමෙරිකාව මට බොහෝ දේ ලබා දුන්නා. මට අවශ්‍ය වූවෙත් අමෙරිකාව වෙනුවෙන් යම් කිසි සේවයක් සිදු කරන්න . කොරෝනා මර්දනයට එන එන්නතක් නෙවෙයි අපි එන්නත් දෙකක්ම නිර්මාණය කළා. අවුරුදු ගණනක් වැය වන දෙයක් අපි මාස 9 යෙන් සිදු කළා. මම දැඩි සටන්වල නිරත වුණා . අමාරු බොහෝ දේවල්වලට මුහුණ දුන්නා . මොකද ඔබ මාව තෝරා ගත්තේ ඒ සඳහායි .දැන් මම අලුත් පරිපාලනයක් සඳහා බලය පැවරීමට සූදානම් වනවා මම මේ අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන්” යැයි ට්‍රම්ප් එම වීඩියෝවේ සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us