ඉන්දියානු කොවිඩ් එන්නතට ලංකාවේ අනුමැතිය දින කිහිපයකින්

Published in පුවත්
Thursday, 21 January 2021 10:51

ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මෙම එන්නත පිළිබඳ තීරණය ඉංදියාවට දැනුම් දීම සිදු කෙරෙනු ඇති අතර ඒ අනුව ඉන්දියානු එන්නත මෙරටට ලබා ගැනීමේ කටයුතු සම්පාදනය වෙනු ඇති බවත් දැනගැනීමට ඇත.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය කමල් ජයසිංහ පවසා සිටින්නේ දින තුනක් වැනි කාලයකදී එම වාර්ථාව නිකුත් කළ හැකි බවය.

භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට ලබා දෙන ආධාර යටතේ එන්නත් සැපයීම ආරම්භ කරන බව ඉන්දියාව පසුගියදා නිවේදනය කළේය. නමුත් එන්නත් සැපයීම ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් යන රටවල් වෙතින් අවශ්‍ය නියාමන අවසරය ඉන්දියාව බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා විය. මෙම රටවලට ආනයනය කරනු ලබන එන්නත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා මාස්ටර් බීජයෙන් ඉන්දියාවේ නිපදවන “කොවිඩ්ෂීල්ඩ්” එන්නත බවටද විදේශ මාධ්‍ය විසින් වාර්තා කර ඇති නමුත් මෙරට බලධාරීන් එය මෙතෙක් තහවුරු කර නැත.

“කොවිඩ්ෂීල්ඩ්” එන්නත අනුමත කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි තවමත් ලැබී නොමැති බව වෛද්‍ය ජයසිංහ මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us