දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ඇදීමට ඉඩ දිය නොහැකියි...! අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

Published in පුවත්
Thursday, 21 January 2021 11:19

ලෝකය ම වසංගත බියකින් වෙළී ගි‍යත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දස වැනි සංවත්සර උත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය.

ඇතැමුන් විවිධ දෑ ප්‍රකාශ කළ ද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ඇදීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් ,

''රජයක් විදියට අපි දන්නවා හැම දෙමාපියෙකුට ම අවශ්‍ය තමන්ගෙ දරුවන්ට හොඳින් උගන්වන්න. ඒ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පාසල තුළ පහසුකම් තිබිය යුතුයි. අදටත් මූලික පහසුකම් නොමැති පාසල් තිබෙනවා, නම් ඒවා ගැන වහා ම සොයල බලන්න අධ්‍යාපන අමැතිතුමාට අපි දැනුම් දී තිබෙනවා.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය යටතේ රටේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අපි මුල පිරූ බව ඔබ දන්නවා. රජය සෑම විට ම උත්සාහ කරන්නෙ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගෙ අනාගතය වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම් ඉටුකරන්න.

එදා අපි ඈත ගම්මානවල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හදන කොට ඇතැමෙක් හිනා වුණා. තවත් අය දේශපාලනිකව ඒවා නවත්වන්න උත්සාහ ගත්තා. අද බලන්න බොහෝ දරුවො මේ විද්‍යාගාරවල පහසුකම් උපරිමයෙන් ලබනවා.

ලෝකයම වසංගත බියකින් වෙළී ගි‍යත් අප දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි.
පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි මට දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමාපියන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම. ඒ නිසා දැනුවත්භාවයයි වැදගත්. දරුවන් ආරක්ෂා වන පරිදි පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමයි වැදගත් '' යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us