නැගෙනහිර මාර්ග සංවර්ධනය සතුටුදායක නැහැ ! ඉදිකිරිම් කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්  

Published in පුවත්
Thursday, 21 January 2021 15:40

නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වීමට ඉඩ ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොන්ත්‍රාත්කරුවන්ට පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද දින මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේදී නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතරතුරයි.

ඒ පිළිබද අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

''ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කල හැකි ඉදිකිරිම් සමාගම් වලට පමනක් කොන්ත්‍රාත් පවරන ලෙසට අතිගරු ජනාධිපතිතුමා මාහට උපදෙස් ලබා දුන්නා. නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල සමහර ගම්මාන වල මාර්ග තිබෙනවා කිලෝමීටරයකටත් වඩා අඩු, එම මාර්ග වල ඉදිකිරිම් පවා මේ වෙද්දී අවසන් කර නැහැ. මේවා අවසන් කිරිමට මේ වන විට වසර එකහාමාරකට වඩා වැඩි කාලයක් ගතවෙලා. එම පමා වූ ව්‍යාපෘති සියල්ලම ඉතා ඉක්මනින් අවසන් කල යුතු වෙනවා. නැගෙනහිර පළාත සංචාරකයින්ගේ වැඩිම ආකර්ශනයක් දිනාගත්ත පළාතක්. එම පළාතේ මාර්ග සංවර්ධනය කිරිමෙන් ආර්ථික වාසි රැසක් ලැබෙනවා. එම නිසා නැගෙනහිර පළාතේ මාර්ග පද්ධතිය පරිසරය සුරැකෙන අයුරින් තිරසර සංකල්පය පදනම් කරගෙන සංවර්ධනය කිරිම අපේ බලාපොරොත්තුවයි '' යනුවෙන් පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us