යහපාලනය වෙනුවෙන් කැඹුරූ ශානි වෙනුවෙන් අද බල්ලෙක්වත් නෑ! Featured

Published in පුවත්
Thursday, 21 January 2021 16:47

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා යළි ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් අද (21) නියෝග කර තිබෙන නමුත් වැදගත්ම දේ විත්තිකාර වෙනුවෙන් ශානි කිසිදු නීතිඥ නියෝජනයක්ද සිදුව නොමැති වීම.

පොලිස්කාරයන් ගැන කතන්දර බොහොමයක් අස්සේ ශානි අබේසේකර ගැන තියෙන කතාව නම් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම රහස් පරීක්ෂකයා ශානි අබේසේකර බවය. එය පිළිගත හැක්කේ ඔහු විසින් විසඳා තිබෙන අපරාධමය අභිරහස් ගොන්න නිසාය.

පසුගිය යහපාලන යුගයේදීද අපරාධ රැසක් ගැන විමර්ශනය කිරීමෙහි වගකීම ඔහු වෙත පවරණු ලැබුවේද ඔහුගේ ඒ දක්ෂතාවය නිසාය.

ඔහුගේ විමර්ශනයන්ට හසුවු බොහෝ දේ දේශපාලනික කාරණා සමඟ බැඳී තිබිණි. එමෙන්ම ඇතැම් චෝදනාවක් දේශපාලන පළිගැනීම් පදනම් කරගෙන සිදුව තිබූ බවටද චෝදනා එල්ල විය. කොහොම නමුත් ශානි සිදු කළේ තමන්ට පැවැරුණු රාජකාරීමය වගකීම ඉටුකිරීමය. ඔහු විශ්වාස කළ නීතිය ප්‍රකාරව අපරාධකරුවන් කො‍ටු කරගැනීමට ඔහු හැකි සෑම උත්සාහයක්ම දැරූ බවද පෙනෙන්නට තිබිණි. කොහොම නමුත් ඔහු වෙතින් වරදක් සිදුවී ඇත්නම් මේ වන විට කෙරෙන විමර්ශනවලින් ඒවා තහවුරු වෙනුද ඇත.

එහෙත් කතාව එය නොවේ. යහපාලනය නාමයෙන් ශානිට ලබාදුන් කොන්ත්‍රාත් හැකි උපරීමයෙන් කරන්නට ශානි වෙහෙසුණද මේ යහපාලකයන් අද ශානි අමාරුවේ වැටී සිටින විට ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. අඩුම තරමින් ඔහු වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමට කිසිවකු ඉදිරිපත්ව නැත. මේ තමයි යහපාලකයන්ගේ බලුකම.

තවදුරටත් එජාපය නමින් හෝ සජබය නමින් හෝ ජවිපෙ නමින් හෝ ඔවුන් සන්ධානගතව හෝ කරන දේශපාලනයකට සහය දැක්වීමේ අනතුරුදායක බවට හොඳම නිදර්ශනය අද ශානි අබේසේකරට වී ඇති වින්නැහියය.

මේ යහපාලකයන්ගේ බලු කමට තවත් උදාහරණ කොතෙකුත් ඇත. අඩු තරමින් 2014 දී ඔවුන්ට බලය ලබාගැනීම සඳහා කැපවූ පක්ෂ සාමාජිකයකුට හෝ සාධරණයක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත. එම තත්වය ඔවුන්ගේ පරාජයට හේතු වී තිබිණි. 2014 දී සහය දුන් අති විශාල පිරිසක් ඔවුන් හැර ගියේ මේ බලුකම නිසාය.

මේ අනුව අබ ඇටයක තරම් හෝ මොළ කළඳක් තිබෙන කෙනෙකු තවත් මේ බලු විපක්ෂයට සහය දෙන්නේ නැත. මෝඩ තකතීරුවන් ටික දෙනෙක් ඒ පක්ෂ මත්තෙහි තව දුරටත් රැඳී සිටිම වුන්ගේ වහල්කම මිසක් වෙනකක් නොවන බව ද කිව යුතුය.

අද රංජන්ව සටන් පාඨයක් කරගෙන විපක්ෂය රංගනයක යෙදුනද තව සති කිහිපයකින් රංජන් උන්නද මලාද කියා මේ කිසිවකුත් හොයන්නෙ බලන්නෙ නැති බවට සැකයක්ද නැත. මොකද මුන්ගේ මේ බලුකම් වෙනස් නොවන නිසාය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us