මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සෙවීමට ත්‍රිපුද්ගල කොමිසමක්  

Published in පුවත්
Friday, 22 January 2021 10:24

මෙරට සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේනවා. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස්ගේ සභාපතීත්වයෙන් යුක්තව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරියන අය සෙසු සාමාජිකයින් ලෙස එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇත.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බවයි.

එම කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය සඳහා පූර්වගාමීව පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවලින් අනාවරණය කරගෙන ඇති කරුණු අධ්‍යයනය කර ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීම් හෝ වෙනත් එවැනි වරදවල් සිදුවී ඇත්ද යන්න පිළිබඳව සොයා බලා වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව තවදුරටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබදව සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

-පංචාලි අබේසේකර

2211 55 S 1

Last modified on Friday, 22 January 2021 10:26

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us