කොවිඩ් නිසා කඩාවැටුණු ව්‍යාපාර 63,000කට කෝටි 18,000ක ණය  

Published in පුවත්
Friday, 22 January 2021 12:47

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක 'සෞභාග්‍යයා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය' යටතේ ලබා දී තිබෙන ණය මුදල රුපියල් කෝටි 18,000ක් (රුපියල් බිලියන 180) බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ අරමුණෙන් මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන අතර කොවිඩ් වසංගතය හමුවේ වුව ද රට නිවැරැදි ආර්ථික දිශානතියක ගමන් කරන මොහොතක නිෂ්පාදන කර්මාන්ත අංශයේ සියයට 5.3ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්වන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වර්ධනය සංඛ්‍යාත්මකව සනාථ කරමින් පසුගිය 2020 වසරේ දෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව කර්මාන්ත අංශයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ජන ජීවිතය යථාවත් කිරීමට ගත් පියවර හේතුවෙන් මෙම වර්ධනය අත් කර ගෙන තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආනයන සීමා කිරීම, පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය සහ ප්‍රතිමූල්‍ය පහසුකම් ලබාදීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක 'සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය' මඟින් ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම කර්මාන්ත අංශයේ වර්ධනය සඳහා දායක වී ඇත.

2020 වසරේ තුන්වැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම කාර්තුවේ සමස්ත කාර්මික ක්‍රියාකාරකම් සියයට 0.6ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බවත් කොවිඩ් පළමු රැල්ලෙන් පසු රට යළිත් විවෘත කර නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් යළි ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ධනය සිදුව ඇති බවත්ය.

 

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us