විරැකියාවට විසදුමක් ලෙස නව ඇගලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීමට පියවර  

Published in පුවත්
Friday, 22 January 2021 13:18

අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව තිරප්පනය ඇගලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට එකවූ රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිළධාරින් හා සේවක සේවිකාවන් හමුවී සාකච්ජාවක්ද පැවැත්වීය.

මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ඇගලුම් කර්මාන්තය මගින් සැපයූවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇගලුම් කර්මාන්ත ශාලා කීපයක් පමණක් පවතින බැවින් තරුණ තරුණියන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටත ඇගලුම් කර්මාන්තයන්හී නිරත වෙති.

තවත් බොහෝ දෙනෙක් තම පදිංචි ප්‍රදේශයෙන් දුර බැහැරට ගොස් රැකියා කිරීමට නොහැකි ගැටලු පැවතීම හේතුවෙන් ඇගලුම් කර්මාන්තය හා සහසම්බන්ධ නොවී රැකියා විරහිතව සිටින අතර, ඊට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක මෙලෙස නව ඇගලුම් කර්මාන්ත ශාලා කීපයක් පෞද්ගලික අංශය හා එක්ව ආරම්භ කිරීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවදානය යොමු වි ඇත.

අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් දිස්ත්‍රික්කය පුරා සිටින බැවින් ගම්මාන වල විරැකියාවෙන් පෙලෙන තරුණ ප්‍රජාව ඒ හරහා රැකියා ගත කර එම තරුණ තරුණින්⁣ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා මෙරට ආර්ථිකය ඉහළ දැමීමට ඔවුන්ගේ දායකත්වය සපයා ගැනීම යන කාරණා සියල්ල ඉන් ඉ⁣ටු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයින් වෙත අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව ඇගලුම් කර්මාන්ත ආරම්භ කිරීමට, පවතින ඇගලුම් කර්මාන්ත වැඩි දියුණු කිරීමට මෙන්ම, වැසී ගිය ඇගලුම් කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය රජයේ සියලු සහය කර්මාන්ත අමාත්‍යංශය හරහා ලබා දිය හැකි බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ අනුව හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

Last modified on Friday, 22 January 2021 13:20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us