‘‘ඇස්කා සෙනිකා’’ එන්නත් ලක්ෂ පහක තොගයක් ලබන සතියේ ලංකාවට

Published in පුවත්
Saturday, 23 January 2021 10:08

ඉන්දියාවේ විශාලතම එන්නත් සමාගම වන සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ‘‘ඇස්කා සෙනිකා’’ එන්නත් ලක්ෂ පහක තොගයක් ලබන සතිය වන විට මෙරටට ලැබීමට නියමිතයි.

එන්නත් ලක්ෂ පහ, මාත්‍රා දෙකක් ලෙස සෞඛ්‍ය සේවකයින්ට පළමු අදියරේදී ලබාදීමට සැලසුමයි.

ඒ සඳහා කොවිඩ් මර්දන රාජකාරියේ පළමු පෙළ රාජාකාරි කරන සෞඛ්‍ය සේවකයින් එක්ලක්ෂ පනස් පන් දහසක් තෝරා ගෙන තිබේ. ඉන්දියාවෙන් ලැබෙන එන්නත් තොගයෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙක හමාරකට එන්නත් කරණය සිදු කිරීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත එන්නත් ප්‍රතිශතය පිළිබඳව පෙබරවාරි මස මුල් සතියේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සැලැස්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයනය කරනු ලබයි. මීට පෙර ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට විස්සකට එන්නත් ලබා දීමට මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍ර්‍රකාශයට පත්කර තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us