ශ්‍රි ලංකාවට යළි එක්සත් ජාතීන්ගේ සම්බාධක තර්ජන Featured

Published in පුවත්
Sunday, 24 January 2021 13:23

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මඟින්, “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා ලබා සිටින” ශ්‍රී ලාංකිකයින් සඳහා වත්කම් අත්හි‍ටුවීම සහ විදෙස් සංචාර තහනම් කිරීම වැනි පුද්ගලයන් ඉලක්කකර සම්බාධක යෝජනා කිරීමට තීරණය කරඇති බව වාර්තාවේ.

මෙම පියවර ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවට කල් ලබා දී ඇති අතර මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයිසීසී) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාව මෙරට මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අදාලව මානව හිමිකම් කොමිසම සමඟ එකඟ වූ සියලු යෝජනාවලින් ඉවත් වීමට පසුගියදා පියවර ගනු ලැබීය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පූර්ව මානව හිමිකම් වාර්තා ගැන නැවත විමසීමට පසුගියදා විශේෂ ජනාධිපති කොමිසමක්ද පත් කිරීමට ක්‍රියා කළේය.

වත්මන් පාලනයට එරෙහිවත් පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මෙන් ජාත්‍යන්තර බලපෑම් සිදුවෙමින් තිබේ. එය මානව හිමිකම් චෝදනා වලට පමණක් සීමා නොවී ආර්ථික ක්ෂේත්‍රයද ඉලක්කකරමින් සිදුවෙමින් තිබේ. කිසිදු පිළිගත හැකි පදනමක් නොමැතිව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව අවධානම්කාරී රටක් ලෙස නම් කිරීමද මේහා බැඳනු එකම ක්‍රියාවලියක් ද යන සැකය ද මතුව තිබේ. එසේම එම පියවරයන් පසුගිය වතාවට වඩා දැඩි වෙනු ඇතැයිද පෙනෙන්නට තිබේ. එසේම මේ වෙනුවෙන් එල්ටීටීඊ ඩයස්පෝරාව වැඩි උනන්දුවකින් මෙවර කටයුතු කරමින් සිටින බවද මෙරට බලධාරීන් පෙන්වා දෙයි.

කොහොම නමුත් බ්‍රිතාන්‍යය විසින් මෙහෙයවන කණ්ඩායමක් එළඹෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනවක් සම්මත කරගැනීමේ ආභිප්‍රායයෙන් පසුවේ. මීට එකඟ වීම හෝ නොවීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මෙතෙක් තීරණය කරනොමැත. නමුත් මෙහි වගන්තියෙන් වගන්තියට වෙන මෙනම ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවත් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සන්ඩෙ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

Last modified on Sunday, 24 January 2021 13:25

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us