නැගෙනහිර ජැටිය ගිවිසුම ඉරාදමන්න වත්මන් රජයට හැකි නමුත් එය අසීරුයි -වරාය සභාපති  

Published in පුවත්
Sunday, 24 January 2021 13:52

අදාළ ගිවිසුම අහෝසි කර දැමීමට වත්මන් රජයට හැකියාවක් තිබුණද ඉන්දියාව සහ ජපානය සමඟ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා හමුවේ එකවර එවැනි තීරණයක් ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකව කල්පනා කිරීමේදී අසීරු කරුණක් බවද වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ වරායේ නැගෙගනහිර පර්යන්තය සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමඟ ගිවිසුමකට එළැඹ තිබීම හේතුවෙන් මේ වන විට සංවේදී ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ඒ පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ අනුව බව වරාය සභාපතිවරයා පවසයි.

අදාළ ගිවිසුමට අනුව පසුගිය රජය සමයේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සඳහා ඉන්දියාව හා ජපානයෙන් ණය මුදලක් ලබා ගැනීමට තීරණය වී තිබී ඇත.

එම සංකීර්ණ තත්ත්වය තුළ ඇති වී තිබෙන ගැටලුව කල්පනාකාරීව විසඳා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර පසුගියදා ණය මුදලක් වෙනුවට සිදු කරන ආයෝජනයක් අනුව ඉන්දියාවේ අදානි සමාගමට සියයට 49 හිමිකාරිත්වයක් සහ ශ්‍රී ලංකාවට සියයට 51 හිමිකාරිත්වයක් ලැබෙන පරිදි කටයුතු කිරීමට සූදානම් වූයේ එහි එක් පියවරක් ලෙසින් බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු එය ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us