ගම් වලට පැමිණ ප්‍රශ්ණත් යෝජනත් විමසා පිළියම් සෙවීම ''ගම සමග පිළිසඳර '' අපේක්ෂාවයි !  ජනාධිපතිවරයා අවධාරණය කරයි.  

Published in පුවත්
Monday, 25 January 2021 10:32

ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ''ගම සමග පිළිසඳර ''වැඩසටහනේ අපේක්ෂාව බවත් ඒ සඳහා සෑම සෙනසුරාදාවකම තමා දුෂ්කර ගම්මානයක් වෙත යන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේ හත් වැන්නට සහභාගීවීමට යට්ටපාත, උපසේන ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීය. එම අවස්ථාවේ ජනාධිපතිවරයා රැස්ව සිටී ජනතාවගේ ගැටළුවලට සවන් දෙමින් උපසේන ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම හෙට සිටම ක්‍රියාත්මක කිරිමට එකඟත්වය පළ කර තිබේ.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉඩම් ගැටළුවලට සවන් දුන් ජනාධිපතිවරයා නිසි අයුරින් මැනුම් සිදුකර ඉඩම් ඔප්පු ප්‍රදානය කඩිනම් කළයුතු එහිදී කියා සිටියේය.
ඒ පිළිබදව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

“කිසිඳු වත්කමක් නැති අය කලක සිට යම් ඉඩමක පදිංචිව සිටින්නට හෝ වගා කරන්නට හෝ පිළිවන්. එවැනි අවස්ථා හොඳින් අධ්‍යයනය කොට ඉඩම් අයිතිය ලබා දීම කළ යුතුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සඳහා ඔප්පු නිකුත් කිරීම ඉදිරි මාස 06 ඇතුළත අවසන් කළයුතුයි”, යනුවෙන් නිලධාරීන්ට උපදෙස් දෙමින් පවසා තිබේ.

නෙහිරිහේන - යට්ටපාත මාර්ගයේ වෑවැල්ල නෙහිරිහේන කි.මි 4.2ක කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

නීති රීති සම්පාදනය කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිස බවත් , එබැවින් ජන ජීවිතය පහසු කිරීමේ අභිප්‍රාය ඇතිව නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබීය.

කෙසේවෙතත් එහිදී යට්ටපාත විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දීම බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක විසින් භාර ගනු ලැබීය. විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ඇතුළු මතුගම කලාපයට අයත් පාසල් ක්‍රීඩා පිටි 52ක් සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කලාපයේ පාසල්වල ගුරු හිඟයට පිළියම් යොදන ලෙසත්, යටිතල පහසුකම් අවශ්‍යතා සම්පූර්ණ කර දෙන ලෙසත් ජනාධිපතිතුමා විසින් එහිදී නියම කරනු ලැබීය.

පැලවත්ත - බදුරලිය, නෙළුව - බදුරලිය මාර්ග සහ ග්‍රාමීය අතුරු මාර්ග සංවර්ධනය කිරීමට ද තීරණය කෙරිණ. ව්‍යාපෘති අධීක්ෂණය ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට පැවරිණ. විධිමත්ව සහ කඩිනමින් සංවර්ධන කටයුතු සිදු නොකරන කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා එහිදී උපදෙස් දී ඇත.

ප්‍රදේශයේ සෞඛ්‍ය, පානීය ජල සම්පාදන සහ වැව්, ඇල, වේලි ඉදිකිරීම් ඇතුළු ජනතා අවශ්‍යතා කඩිනමින් සපුරාදීම අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පවරන එහිදී පවරනු ලැබූ බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us