රිජ්වේ ළමා රෝහලට නව මහල් වාට්ටු සංකීර්ණයක්

Published in පුවත්
Monday, 25 January 2021 11:40

වාර්ෂිකව ශල්‍යකර්ම 18000 කට වඩා වැඩි සංඛ්‍යාවක් කරන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට නව මහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ රිජ්වේ ළමා රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවන නිසා බවයි අමාත්‍යංශය පවසන්නේ.

ස්නායු ශල්‍යකර්ම, විකලාංග ශල්‍යකර්ම, විශේෂිත විකලාංග ශල්‍යකර්ම වැනි සේවාවන් සඳහාද ශල්‍යාගාර ප්‍රමාණවත් නොවන බවත් රෝහලේ දැනට ඇති ඇඳන් සංඛ්‍යාව 1016 ක් වන අතර ශල්‍යාගාර සංඛ්‍යාව 7ක් බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම රෝහලට 2014 වසරේ චීන රජයේ මූල්‍යාධාර අනුව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සැලසුම් කළත් එය අසාර්ථකව ඇත . නව ගොඩනැගිල්ල සඳහා රජය විසින් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1952 කි. මේ සඳහා රුපියල් මිලියන 42 ක ප්‍රදානයක්ද ලැබී ඇති අතර ඉතිරි මුදල වන රුපියල් මිලියන 1910 ක මුදල ඒකාබද්ධ අරමුදලෙන් ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉදිකිරීම් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

''රටක අනාගතය දරුවන්'' යැයි කියමන ලෝකයම තර්ක විතර්ක නොමැතිව එක හෙළා පිළිගත් කියමනකි. වර්තමාන ලොව පුරා රටවල් තම සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තිබේ. ඒ අතරිනුත් ළමා සෞඛ්‍යට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එවන් මොහොතක 1895 වසරේ මෙරට ඉදිවූ විශාලතම ළමා රෝහල ලෙස බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිවිය. අදටත් අප රටේ විවිධ රෝග වලට ගොදුරු වූ දරුවන්ගේ සුවිශාල ජිවිත ගණනක් බේරා ගැනීමට රිජ්වේ රෝහල සමත් විය. ශල්‍යාගාර සංඛ්‍යාව 7කට පමණක් හිමිකම් කියන රිජ්වේ රෝහලේ වාර්ෂිකව ශල්‍යකර්ම 18000 ක් ඉක්මවා සිදුකරනු ලබයි. මෙම රෝහල් කාර්යමණ්ඩලය බොහෝ කලක සිට මෙම ගැටලුවට මුහුණ පා සිටියා පමණක් නොව බලයට පත්වන සියලු ආණ්ඩු වලින් ඉල්ලා සිටියේද මෙම රෝහලේ අඩුපාඩු ලබා දෙන ලෙසය . සැම වසරකම ඔක්තෝබර් පළමු වැනිදාට ලෝක ළමා දිනය සමරන රටක , ළමුන්ගේ අයිතීන් ගැන කතා කරන රටක ජීවිතයත් මරණයත් අතර පෙනී පෙනී සිටින දරුවන්ගේ ඕනෑඑපාකම් ලබා දීමට බලධාරීන්ට නොහැකි වීම කණගාටුදායකය . කෙසේ හෝ අද මෙරට සෞඛ්‍ය අංශය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට නව මහල් වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට ගත් තීරණය දරුවන් වෙනුවෙන් ගනු ලැබූ හොදම තීරණයක් සේම රටේ ජනතාව වශයෙන් දරුවන් වෙනුවෙන් අපි එයට ගෞරවය පුදකරමු !

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us