නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම්

Published in පුවත්
Monday, 25 January 2021 12:04

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධව පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකළ පරීක්ෂණ මෙහෙයුම්වල දී ‍නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 2,746 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කර තිබෙනවා.

ඒ අනුව ඉන් 2600 දෙනෙකුට මේ වනවිට නඩු පවරා ඇති බවත් ඉදිරියටත් එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ගත වූ පැය 24 තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේන බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව තුන්වන දිනටත් ඊයේ (24) දිනය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් වාර්තා වී ඇති බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 72 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 843දෙනා අතරට අයත් වේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us