කොවිඩ් එන්නත්කරණය අද ඇරඹුණා  

Published in පුවත්
Friday, 29 January 2021 10:38

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබේනවා.

එහි පළමු එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ වන අතර එහි සජිවි දර්ශන පහතින් දැක්වේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) සිදු කෙරෙන අතර එහි පළමු එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ වන බවයි සදහන් වන්නේ.

හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල එන්නත් කිරීම් කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර මෙම එන්නතේ පළමු එන්නත නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ලබා දී ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එහිදී කොරෝනා මර්දන එන්නත ලබා ගත් මෙරට ප්‍රථම සෞඛ්‍ය අංශ නිලධාරීවරයා වන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us