නීති විරෝධීව දුම්රිය ඉඩම් අත්පත් කරගත් දුම්රිය සේවකයින් 329 කට නඩු

Published in පුවත්
Friday, 29 January 2021 11:29

නීති විරෝධී ලෙස දුම්රිය රක්ෂිතවල ඉඩම් අත්පත් කරගත් හා ඒවායෙහි පදිංචි වී සිටින දුම්රිය සේවකයින් 329 දෙනකුට එරෙහිව නඩු පැවරීමට හා අදාළ විනය පියවර ගැනීමට තීරණය කර ති බව ප්‍රවාහන අමාත්‍යාංශ සදහන් කරනවා.

දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු වගකිවයුතු නිලධාරීහු කිහිප දෙනෙක්ද ඒ අතර බව සදහන්

පසුගිය 27 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචි වී සිටින එම සේවකයන් සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව රැස්වී මෙම නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළ තීරණය ගෙන තිබේ.

පසුගිය මාසයේ මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මේ ගැන සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළ අතර සාමාන්‍යාධීකාරීවරයාගේ උපදෙස් මත මේ දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් විමර්ශන සිදුකර ඇත. අනවසර පදිංචිකරුවන් යැයි හඳුනාගත් දුම්රිය සේවකයින් සිටින ඉඩම්වල හතරමායිම් මැනීම් කර වෙන් වෙන් වාර්තා දෙන්නැයි මිනින්දෝරු අංශවලට මෙහිදී උපදෙස් ලබා දී ඇත. වාර්තා ලැබීමෙන් පසු මොවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීමට ඇමැති අනුකාරක කමිටුව මෙහිදී තීරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us