වෛරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අප රටට අවශ්‍යයි! එ .ජා .ප නායක අවධාරණය කරයි  

Published in පුවත්
Monday, 01 February 2021 10:05

වෛරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අප රටට නොමැති නිසා එවැනි මධ්‍යස්ථානයක් ඇති කරන ලෙස තමා ආණ්ඩුවට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ දී ඊයේ (31 වැනිදා) පැවති මහජන සංවාදයක් අතරතුර දී ය.

එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“මේ වෛරසයට මුහුණ දෙන ගමන් මින් ඉදිරියට එන වෛරස් යුද්ධයට අප මුහුණ දෙන්න සූදානම් විය යුතුයි. වෛරස් රෝග පර්‌යේෂණ මධ්‍යස්ථානයක් අපට නැහැ. එවැනි මධ්‍යස්ථානයක් ඇති කරන ලෙස මම ආණ්ඩුවට යෝජනා කරනවා. කලාපයේ හොඳම වෛරස්විද්‍යා පර්‌යේෂණ ආයතනය තිබෙන්නේ ඉන්දයාවේ පූනේවල. එම ආයතනය සමග සම්බන්ධ වී කටයුතු කළ යුතුයි.ඒ වගේම වසංගත රෝග පාලන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි. එහෙම නැතුව අපිට ඉදිරියට යා නොහැකියි” යැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් අවශ්‍යතාව කෝටි පහළොවක් වුවද මේ වන විට ඔවුන් එන්නත් තිස් හත් කෝටියක් මිලට ගෙන ඇති බව වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ඇතැම් රටවල් අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් මිලදී ගන්නා නිසා සෙසු රටවලට එන්නත ලැබීමේ ප්‍රමාදයක් සිදු විය හැකි බවත් ,එම නිසා ඒ ඒ රටවලින් එන්නත වෙනත් රටවලට පිට කිරීම අඩු වී තිබෙන බවත් ඉන්දියාවට චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට අපට එන්නත් ලක්ෂ අටක් ලැබී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us