ස.පෙළ විභාගයට පෙනී සිටින වෛරසය ආසාදනය වූ අයැදුම්කරුවන්ට විශේෂ මධ්‍යස්ථාන 25ක්  

Published in පුවත්
Monday, 01 February 2021 10:37

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින වෛරසය ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක විසි පහටම විශේෂ මධ්‍යස්ථාන විසි පහක් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කර අවශ්‍ය විධිවිධාන යොදවා ඇති බවයි.

මේ වන විට බස්නාහිර පළාතේ සිසුන් කිහිප දෙනකුටම වයිරසය වැලඳී තිබෙන බව වාර්තා වී තිබෙන අතර එම සිසුන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගන්නා ලෙස පාසල් ප්‍රධානීන්ට දන්වා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් සඳහන් කර තිබේ.

මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂ විසි එක් දහසක් පමණ පෙනී සිටිති. මාර්තු මස පළමු වැනිදා සිට දහවැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us