පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට මොකද වුණේ ?

Published in පුවත්
Tuesday, 09 February 2021 11:45

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේය අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එමෙන්ම ඒ සඳහා සාකච්ඡා කිරීමට විශේෂිත දිනයක් නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව දඅමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත .

පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරයේ චූදිතයන් කවුද යන්න සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ නිදේශයන් අනුව නම්කර තිබෙන චූදිතයන්ට එරෙහිව ගන්නා පියවරයන් ගැන ඊයේ දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පෙබරවාරි මස 1 වන දින භාර දෙනු ලැබීය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කොමිසම පත්කරනු ලැබීය.

කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us