ISIL ත්‍රස්ත සාමාජිකයන් ලංකාවේ සිටින බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි  

Published in පුවත්
Tuesday, 09 February 2021 12:10

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (Islamic State in Iraq and Levant – ISIL) ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මෙම වාර්තාව උපුටා දක්වමින් ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් (Press Trust of India – PTI) වාර්තා කර ඇති ආකාරයට මෙම සබඳතා ඇෆ්ගනිස්තානයට හා පාකිස්තානයට ඍජුව සම්බන්ධවී ඇති අතර ISIL සංවිධානය ඉන්දීය දේශසීමා ප්‍රහාර සියයකට වැඩි ගණනකටද දායක වී තිබේ.

ප්‍රෙස් ට්‍රස්ට් විසින් මෙලෙස අනාවරණය කර ඇත්තේ ‘එක්සත් ජාතීන්ගේ විශ්ලේෂණ හා සම්බාධක අධීකෂණ කණ්ඩායමේ’ 27 වැනි වාර්තාවයි. ISIL සතුව ‘වොයිස් ඔෆ් හින්ඩ්’ (vois of Hind) නම් ප්‍රකාශන ආයතනයක් පවතින අතර මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් රැසක් ඒ හා සම්බන්ධ වී සිටින බව එහි පෙන්වා දී ඇත.

දකුණු ආසියාවේ ISIL ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කලාපයේ රටවලින් තොරතුරු රැස්කිරීම සහ ඒවා අධ්‍යයනය කිරීම එක්සත් ජාතීන්ගේ මෙම විශ්ලේෂණ කණ්ඩායම විසින් සිදුකරයි.

2020 ජුනි මාසයේදී මෙම සංවිධානයේ නායකත්වයට සනාඋල්ලා (Sanaullah) ලෙසද හැඳින්වෙන ෂහාබ් අල් – මුහජිර් (Shahab al Muhajir) පත්කර ඇති අතර එතැන් සිට එම සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර සහ ‘සංකීර්ණ ප්‍රහාර’ කෙරෙහි වැඩි අවධානයක් දක්වා ඇතැයිද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us