මාර්ග ඉදිකිරීම් අධීක්ෂණයට නව තාක්ෂණික උපකරණයක් මෙරටට පරිත්‍යාග කෙරේ

Published in පුවත්
Saturday, 13 February 2021 10:51

රට පුරා සිදුවන සියලු මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ හැකි ඉදිකිරීම් සුපරික්ෂණ මෙවලමක් (construction tool) AVNI Solution Pvt සහ Alibaba.com යන සමාගම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පරිත්‍යාග කර තිබේ.

මඟ නැඟුම ව්‍යාපෘතිය ඔස්සේ රට තුළ සිදුවන මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිවැරදි දත්ත කෙටි කාලයක් තුළ ලබා ගැනීමේ හැකියාවක් මෙතෙක් රජය සතුව නොතිබූ අතර මෙම පරිත්‍යාගය සමග එම අවශ්‍යතාව සම්පූර්ණ වන බවයි රජය පවසන්නේ.

ඉදිරියේ දී රට පුරා සිදුවන සියලු මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ දත්ත එම ස්ථානවල කටයුතු භාර නිලධාරීන්ට මෙම මෙවලමට ඇතුළත් කළ හැකි ය. එවිට රට පුරා සිදුවන සියලු මාර්ග ඉදිකිරීම්වල ප්‍රගතිය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක රජයට අධීක්ෂණ කළ හැකි ය. එය අදාළ සංවර්ධන කටයුතුවල ඉදිරි කටයුුතු සැලසුම් කිරීම සඳහා මහෝපකාරී වෙයි.

මාර්ග සංවර්ධන කටයුතුවල ඉදිකිරීම් සුපරික්ෂණයට අමතරව එම මාර්ගවල ඉදිරියේ දී සිදු කළ යුතු නඩත්තු කිරීම්, එහි සීමා සහ ප්‍රගතිය ද මෙමගින් අධීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයකි.

ඒ අනුව එළඹෙන සතියේ දී මඟනැඟුම ව්‍යාපෘති නිලධාරීන්ට අදාළ මෙවලම භාවිතය පිළිබඳ පුහුණුවක් ලබා දීමට නියමිත ය.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉතිහාසයේ මෙවැනි ඉදිකිරීම් සුපරික්ෂණ මෙවලමක් භාවිත කරනු ලබන්නේ ප්‍රථම වතාව මෙයයි.

-පංචාලි අබේසේකර

m1m2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us