ඉදිරි වසර 5 සඳහා මෙරට සංවර්ධනයට ප්‍රමාණවත් තරම් වැලි, පස්, බොරළු නැහැ

Published in පුවත්
Saturday, 13 February 2021 11:49

2021 වසරේ සිට 2025 දක්වා වූ කාලය සඳහා රටේ සමස්ත සංවර්ධන කටයුතු සඳහා වැලි ඝන මීටර් මිලියන 125ක සහ පස්, බොරළු ඝන මීටර් මිලියන 685ක අවශ්‍යතාවක් පවතින බව සංවර්ධන ප්‍රමුඛතාවන් වෙනුවෙන් සහ ස්වයං රැකියා, කුඩා හා පාරම්පරික වෘත්තීන් හි නියැළෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම හා ඒවා ලබා ගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් සකස් කරන ලද වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව 2021-2025 කාලය තුළ දී රජයේ සංවර්ධන කටයුතු සඳහා වැලි ඝන මීටර් මිලියන 55ක් සහ පස්, බොරළු ඝන මීටර් මිලියන 370ක අවශ්‍යතාවක් පවතින බවට ගණන් බලා ඇත.

වසර 2022 න් පසුව වැලි සැපයුමේ ඌණතාවක් මතු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඇස්තමේන්තු ගත කර ඇත. මේ වන විට හඳුනා ගත් වැලි නිධිවලින් ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 42ක වැලි ප්‍රමාණයක් ලබා ගත හැකි අතර, වැලි ඝන මීටර් මිලියන 33ක පමණ හිඟයක් මතු වන බවද අනාවරණය වේ.

දැනට වැලි නිධි හඳුනා ගෙන තිබුණත් ඒවා ක්ෂය වීමෙන් පසුව වැලි යළිත් නිර්මාණය වීමට දීර්ඝ කාලයක් ගත වීම නිසා වැලි සංචිතයන්හි හිඟයක් උද්ගත වේ. ගංගාවල වැලි සැපයුමද උපරිම මට්ටමකට පැමිණ ඇති බව නිරීක්ෂණය වී තිබේ.

මෙරට වැලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා විකල්පයන් කෙරෙහි යොමු විය යුතු බවත්, මුහුදු වැලි සම්පාදනය, මහවැලි ඇතුළු විශාල ජලාශවල තැන්පත් වී තිබෙන රොන්මඩ ඉවත් කිරීමේ දී ගන්නා වැලි ආදිය පිළිබඳවද, භූගත වැලි නිධි ගවේෂණය කිරීමටද අවධානය යොමු විය යුතුව ඇතැයි ජනාධිපති කාර්ය සාධක බළකා වාර්තාවේ දැක්වේ.

2021 වසරේ සිට 2025 කාලය දක්වා පස් සහ බොරළු ඝන මීටර් මිලියන 685ක අවශ්‍යතාවක් පැවැතියද, එම කාලය තුළ දී සපයාගත හැකි පස් සහ බොරළු ප්‍රමාණය ඝන මීටර් මිලියන 347ක් බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දත්තයන් සඳහන් කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us