ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය විවෘත වේ.

Published in පුවත්
Wednesday, 17 February 2021 17:06

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ විවෘත විය.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය (Colombo Waste to Energy Power Plant) දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය.

කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ. එසේම පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමකි. කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායක වී තිබේනවා.

එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15කි. වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව උදාවේන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

-පංචාලි අබේසේකර

m1m2m4m5

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us