සූර්යබල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙනවාද නැද්ද තීරණයක් නැහැ - ඩලස්

Published in පුවත්
Thursday, 18 February 2021 09:09

උතුරු මුහුදේ දූපත් තුනක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති නමුත් ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ මෙතෙක් හිමිව නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'‘කැබිනට් තීරණයක් ගත්තහම ඒ සම්බන්ධ‍යෙන් මුදල් අමාත්‍යාංශය නිරීක්ෂණයක් සිදුකරනවා. ඒ නිරීක්ෂණ මෙතෙක් ලැබිලා නැති නිසා කැබිනට් තීරණය සම්පූර්ණයෙන් අනුමත වීමක් සිදුවෙලා නැහැ. මේ සම්බන්ධ‍යන් මුදල් අමාත්‍යාංශය ඉල්ලන නිරීක්ෂණ විදුලිබල මණ්ඩලය විසින් ලබාදිය යුතුයි. එතකොට තමයි අවසන් තීන්දුවකට යන්නේ. ඒ නිසා තවමත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් අරගෙන නැහැ.

සාමාන්‍යයෙන් කැබිනට් තීරණයක් ගත්තහම ඒ පිළිබඳ නෛතික තත්ත්වය, විරෝධතා, මූල්‍ය හැකියාව වැනි සියලුම දේ පිළිබඳව සලකා බලල තමයි අවසන් නෛතික තීරණය ගන්නේ.

අදාළ දූපත්වල ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 12ක මුදල් ආධාරයක් වශයෙන් ලබාදීමට කැමැත්ත පළකරමින් ඉන්දියාව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ '' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us