සෞඛ්‍ය නීති උල්ලංඝනය කර මගීන් ප්‍රවාහනය කළ බස් රියදුරන්ගේ සේවය අත්හිටුවයි !

Published in පුවත්
Thursday, 18 February 2021 10:55

වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක බස් රථයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරුන්ගේ සේවය අත්හිටු වීමට පියවර ගෙන ඇත.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු පැවසුවේ ඒ සමග දෛනික ගමන්වාරද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත බවයි.

සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාතේ ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී තිබුනා.

පසුව කරන ලද පරික්ෂාවලදී ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ මෙම පෞද්ගලික බස් රථ 51 හඳුනා ගෙන ඇත.

මෙම බස්රථ පිටකොටුව සිට කොට්ටාව, හෝමාගම, මහරගම, මත්තේගොඩ, අවිස්සාවේල්ල, කොට්ටාව-පිලියන්දල, මහරගම-පිළියන්දල, මහරගම-කටුවාවල, මොරගහහේන-කොට්ටාව, කොට්ටාව-තලගල, හෝමාගම සහ හංවැල්ල යන මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ බව වාර්තා වේ.'

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us