ලබන වසරේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් කිරීමට තීරණ

Published in පුවත්
Thursday, 18 February 2021 09:32

ලබන වසරේ සිට (2022) උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව එම වසරේ සිටම සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත. මෙහිදී නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව ලැබෙන සිසුන් වෙනුවෙන් ද ඉඩ තබා ගැනෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම නව යෝජනාවට අනුව ඊළඟ වසරේ (2022) ජනවාරි මාසයේ දී උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන් සඳහා දෙවසරකින් පසු එන ජනවාරියේදීම උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තවද ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීම කෙරෙහිද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

විභාග ප්‍රතිඵල දෙසැම්බර් මස නිකුත් කර ඊළඟ වසරේ ජනවාරි මාසයේ දී උසස් පෙළ පන්ති ආරම්භ කිරීම මෙහි අරමුණ වෙයි. මෙම නව යෝජනාව පිළිබඳව කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

දැනට දහතුන් වසරක් ක්‍රියාත්මක වන අධ්‍යාපන කාල සීමාව මෙම ක්‍රමය යටතේ වසර දොළහ දක්වා අඩු කිරීමට හැකි වන බවත් ලේකම්වරයා සඳහන් කළේය. මෙම ක්‍රමය මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කර තිබුණ ද පවතින තත්ත්වය මත එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us