දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - සජිත්

Published in පුවත්
Friday, 19 February 2021 09:09

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

එසේම ආණ්ඩුව එම වාර්තාවේ අන්තර්ගත තොරතුරු සැඟවීමට උත්සාහ කරමින් සිටින්නේ කුමන කරුණක් හේතුවෙන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

ඊයේ (18 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායකවරයා මේ පිළිබදව දැක්වූ අදහස් ,

‘‘දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ රජය විසින් එළිදක්වන්නේ නැත්තේ ඇයි? දැන් එම වාර්තාව පදනම් කරගෙන තවත් දෙවැනි කොමිසමකුත් පත්කරලා. නමුත් පළමු වාර්තාව තවමත් නීත්‍යනුකූලව හෙළිදරව් කරලා නැහැ. ඒ ඇයි? මොනවද හංගන්න හදන්නෙ?.

රජය වහාම ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියේම ඒ පිළිබඳ පුළුල් පාර්ලිමේන්තු විවාදයක් අපට ලබාදිය යුතුයි. මේ කොමිෂන් සභා වාර්තාවල රටට ඉතාම වැදගත් කරුණුකාරණා අඩංගු බව තමයි මේවා පත්කරනකොට රජය ජනතාවට කිව්වේ.’’ යැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us