වැලිකඩ බන්ධනාගාරය හොරණට

Published in පුවත්
Thursday, 25 February 2021 09:59

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.ප්‍රකාශ කර තිබේ.
ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බවය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රත්වත්තේ,

"ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us