දරුණු මට්ටමේ කොරෝනත් මට්ටු කරන ඇමෙරිකාවේ එක් මාත්‍රා එන්නත

Published in පුවත්
Thursday, 25 February 2021 10:28

ඇමෙරිකාවේ එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන කොරෝනා එන්නත ක්‍රියාකාරී සහ සුරක්ෂිත එන්නතක් බවට අමෙරිකානු ඖෂධ නියාමනය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඖෂධ සමාගමයි. ඒ අනුව එය අමෙරිකාව අනුමත කළ 03 වන කොරෝනා එන්නත ලෙස ඉදිරි දින කිහිපය තුළ නියාමනයේ අනුමැතිය හිමිකර ගනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට වඩා මිලෙන් අඩු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත අධිශීතකරණයේ නොව සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකි බව සඳහන්.

මෙම එන්නත නිෂ්පාදනය කළ සමාගම හිමි බෙල්ජියානු මව් සමාගම ප්‍රකාශ කළේ එමඟින් දරුණු මට්ටමේ කොරෝනා රෝගී තත්ත්වයන් වැළැක්වීමට අතිශය ක්‍රියාකාරී වන බවයි.

එවැනි තත්ත්වයන් සඳහා 85% ක ශක්‍යතාවක් පෙන්නුම් කළද එහි සමස්ත ක්‍රියාකාරීත්වය 66% ක් ලෙසයි සටහන් වන්නේ.

එහෙත් අත්හදාබැලීම්වලදී එන්නත ලබාගත් කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදනයෙන් මියගොස් නැහැ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us