තවත් හොරෙයින් තොගයක් පොලිස් ඇසට ! වැටලීම් අඛණ්ඩව

Published in පුවත්
Thursday, 25 February 2021 10:55

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් අද (25) උදෑසන පොලිසිය විසින් සොයා ගැනුණා.

අදාළ වෑන් රථය යුද හමුදා රථයක් බවට හැඟවෙන පරිදි අංකයක් ද ප්‍රදර්ශනය කර තිබූ අතර එහි රියදුරු ලෙස ගමන් කළ පුද්ගලයාත් යුද හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අතර ඔහු යුද හමුදාවේ සේවය කරන සෙබෙළෙකු බවට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

වෑන් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පළාගිය නිලධාරියෙකු බවට අනාවරණය වී ඇත.

මාස 2ක පමණ කාලයක් තුළ අත්අඩංගුවට ගත් මහ පරිමාණයේ 4වන මත්ද්‍රව්‍ය තොගය මෙය බවට සැලකෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන විමර්ශනයට අමතරව අදාළ සෙබළාට එරෙහිව යුද හමුදා නීතිය යටතේද පියවර ගැනීම නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us