විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

Published in පුවත්
Wednesday, 03 March 2021 09:59

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවාගත් සිසුන් 10 588 දෙනාට සාපේක්ෂව විශ්වවිද්‍යාල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු ම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග , සිසුන් 10 588ක් පමණ මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේ ය.

ඒ අනුව වෛද්‍ය පීඨවලට පමණක් වැඩිපුර සිසුන් 479ක් බඳවා ගෙන ඇති බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග එය අලුතින් වෛද්‍ය පීඨ 4ක් ආරම්භ කිරීමට සමාන යැයි ද පෙන්වා දුන්නේ ය.

එහෙත් මේ සියල්ල කළමනාකරණය කිරීමට හැකිවූයේ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගෙන් ඊට ලැබුණු සහාය නිසා බව සිහිපත් කළ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රුපියල් බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය බව ද පෙන්වා දුන්නේ ය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා , ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව සාකච්ඡා කර තීන්දු කරගන්නැයි ද දන්වා ඇත .

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්ම කළ යුතු බව පෙන්වා දී ඇත.

ඊට විසඳුමක් ලෙස රජය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට එම දරුවන් බඳවා ගැනීමේ හැකියාව ඇතැයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් පෙන්වා දුන්නේ ය. ඊට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ට උපදෙස් දී තිබේ.

-පංචාලි අබේසේකර

m1m3m4

Last modified on Wednesday, 03 March 2021 10:04

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us