කොවිඩ් එන්නත් ලබා ගත් පිරිස පන්ලක්ෂය ඉක්මවයි

Published in පුවත්
Wednesday, 03 March 2021 10:20

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මේ වන විට ඉතා ම සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඊයේ (01) රාත්‍රී 8.30 වන විට මෙරට කොවිඩ් එන්නත ලබා දුන් සමස්ත පිරිස 509275ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරයි.

මේ අතර කොරෝනා ආසාදිත මළ සිරුරු කිළිනොච්චිය ඉරණතිව් දූපතේ වළදැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) දිනයේ විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර තිබේ.

කොරෝනා ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඊට විරෝධය පලකරමිනුයි මෙම විරෝධතාවය සැලසුම් කර ඇත්තේ.

ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය යි.

යුද්ධයෙන් අනතුරුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ එම දූපත්වාසීන් සිය ජීවිකාව සිදුකරමින් පවතී.

කෙසේවෙතත් මේ දක්වාත් දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් පවසති.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us