අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් - අගමැති

Published in පුවත්
Wednesday, 03 March 2021 10:45

කුමන විභාගය අසමත් වුවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව “Skills” ශ්‍රී ලංකා වැඩසටහනේ උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

“හැකියාවෙන් උගත් පරපුරක්” යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණා.

ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාවට නංවයි.

රැකියා වියුක්ත සමස්ත ජනගහණයෙන් 70%ක් නුපුහුණු ශ්‍රම කාණ්ඩයට අයත් වෙති. පුහුණුව මගින් ඔවුන් රැකියා ඉල්ලුමට සරිලන නිපුණතා සහිත කණ්ඩායමක් බවට පත්කළ යුතුය. “Skills” ශ්‍රී ලංකා වැඩසටහන පාසල් අධ්‍යාපනය හැර යන තරුණ කොටස් සහ රැකියා වියුක්ත හෝ නියුක්ත නිපුණතා රහිත ශ්‍රම බලකාය සඳහා පුළුල් යටිතල පහසුකම් ජාලයක් දීප ව්‍යාප්තව ස්ථාපනය කරයි. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදු කෙරේ.

මෙහිදී “Skills” ශ්‍රී ලංකා නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. තෝරාගත් ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4,000/-ක ශිෂ්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබීය.

ජංගම වෘත්තීය පුහුණු ඒකක ලෙස නිර්මාණය කළ බස් රථ 05ක් අද සිට දිවයින පුරා ධාවනය කිරීම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.
ජනාධිපතිතුමා මේ බස් රථ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ “Skills” ශ්‍රී ලංකා පුවත් පතෙහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. වෘත්තීය පුහුණුව අපේක්ෂිත සිසුන්ට ආරක්ෂික ඇදුම් කට්ටල පිරිනැමීම අගමැතිතුමා අතින් සිදු කෙරිණ.

-පංචාලි අබේසේකර

r1r3r2r4r6r8raja

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us